July 27, 2024
Song Lyrics

Rikthayak Lyrics & MP3 – Ayeshmantha (රික්තයක්)

Rikthayak Lyrics & MP3 – Ayeshmantha (රික්තයක්)

This post is regarding the latest Ayeshmantha song named Rikthayak Song. We have added the Rikthayak song lyrics in Sinhala in Image format. For more Sinhala lyrics content, go to our Sinhala Lyrics page.

Rikthayak – Mansick song details are as below.

Produced by - Ayeshmantha
♪ Co Produced by - OO Seven
♪ Mixed & Mastered by - Azim Ousman
♪ Lyrics & Vocals - Hasanka Wickramarathna, Rayviyan Floyd Driyon, Tikiri Samaraweera, Ravindu Meegama & Dewdu Karunarathne
♪ Recorded By - EVO Beats | Crown Scoopa

Rikthayak – රික්තයක් Sinhala Lyrics Download

මනස මාරයාට බාරදුන් විමානයක්
බ්‍රහ්ම පාදේ අන්සබාග වී, හෙව්වා මන් පරාලයක් 
පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්  
උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්  
 පාවා දුන්නා අදේවවාදී ඥානයත් 
හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්‍රහ චාරයත් 
වියෝව අන්දකාරේ පිටාර යත් විකාරයක් 
යථාව දහම කලෙක වෙයි සොබාව අඳුරු පිළිල ජාලයක් 
නිර්දේශේ දොස්තරයි
ලියයි බෙහෙත් පෙති වට්ටෝරු චිකිත්සා විස්තරයි
ඔව් විද්‍යාවයි විඥානයයි අනුත්තරයි 
ජිවේ අවසානේ තෙක්ම මාරු නැති යකයි කොන්දොස්තරයි 
ආලෝකේ පාළු කාමරේ තනිය කරන් බිලිත් 
සිරිත් මාරා විරිත් පලා ගිහින් දැනෙයි ඉහේ විලිත් 
ජීවිතේම පාලි යක් උඹ දහන් පිරිත් 
සිතුවිළි පෙළපාලියක් තියං කිලිත්

මේ ජීවිතේම එක්තරා විකාරරූපී රික්තයක්
නාඳුනන විනිශ්චයකරුවෝ කෙරුවා රෝගියාම විත්තියත්
දොරක් නැති කාමරේක කළු පිල්ලියක්
මාව පන්න පන්න කෑවා හිතත් පිස්සු හැදුණු බැල්ලියක්
පිරිසක් මැද මං හිටියත් වෙනසක් නෑ, තනිව මැරුණු
හුදකලාවේ ගිලී මා සෙනෙහස් ඌනතාවේ පිළිකාවෙන් පෙළුණු
නිමාවක් නෑ, පතුලක් නෑ.. අන්ධකාරේ ගිළුණු
වළකට වැටුණා අපාය ට මං හිඩැසකින් නොනැවතී, පැළුණු
ලුහුවත් වෙන පරිපථ, නිවන බ්‍රේකරය
Fluoxetine පාලනය, කළා ද විධාන ප්‍රේරකය
"මූට පිස්සු" සමාජේ සත්තු අලවපු ලේබලය
දිනෙන් දින දැක්කා මං, මගේ ම මෘතක ලේබරය
ලියාගන්න බෑ වචන, කුරුටු බලි හිස් පිටු
හිල් කරන් තුඩින් කිඳා බහිනවා පෑන
මේ suicide case සේරම තොපි හැමෝම
අවුරුදු ගාණක් තිස්සෙ ටිකෙන් ටික කළ murders

Murders suicide and murders
අද මාව අරන් යන්න එයි satan's daughters
සන්සාරේ places  woth inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces
Murders, Murders, suicide and murders
අද මාව අරන් යන්න එයි satan's daughters
සන්සාරේ places  woth inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces

හිත මගෙ දැං එක තැනක නතරවෙලා පිරි අන්දකාරේ
තනිකම දැං හැම රෑම මාව මැරුවා තියෙන්නේ අවතාරේ
හොයං පාලු තැං මගේ ලෝකෙක මම කුරුටු බලි මැද ආයේ
හිර වෙල දැං බිත්ති හතරෙන් වටවුන කාමරෙක ආයේ
ආයේ ඇවිලෙන්නෙ සිතුවිලි හිත පතුලෙ දැං ආයේ
පියං මගෙ දැස් දනිං වැටී මං ගිනිගන්න සොහොන ලඟ මාගේ
බෑ තවත් මට කල් ඉවසන්නෙ දෙවියංගෙං මට  යන්න මේකෙන් කාලේ 

කළුවර ගින්දර වේගෙන් මනසට නෑවිත් ඉන්නට තිබුනා
ඉවසන හන්දම ඈතින් හිදගෙන දෑතින් ඇස් දෙක වැසුනා
නළලත රැල්වල තේරුම් පවසන ආතතියෙන් හිත ගිලුනා
තනිකම හිස්කම පාළුව පවතින ලෝකෙන් යන් පාපෙන් ගැලවී මා 
බිදිලා මා මරණය ඉක්මන් වේනම් හදවත නාඩන් දුක් ශෝකෙන් හිත් පාරා

Rikthayak – Ayeshmantha MP3 Download

Rikthayak Lyrics will be uploaded in few hours. Stay tuned. Until then, you can download the premium MP3 songs of Rikthayak in 320KBPs or 128KBPs from below. (iTunes Quality)

We do not host any copyrighted material on our site like Rikthayak MP3 download files of Ayeshmantha. All our Lyrics images are copyrighted by us, using this Rikthayak Lyrics by Ayeshmantha image on your site is labeled Illegal and we can legally take action againt it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *