ඔයත් වෙබ් අඩවියක් හදන්න හිතාගෙන ඉන්නවද. ඒත් කොහොමද වෙබ් අඩවියක් හරියට හදාගන්නේ කියන එක ඉගෙන ගන්න ක්‍රමයක් හොය හොය ගියාද. එහෙනම් මේක තමයි ඔයාට හරියටම ගැලපෙන තැන. කේත කිසිම දෙයක් නැතුව මෙම ආටිකල් එක ඉවර වෙනකොට ඔයාට ඔයාගෙම කියලා වෙබ් අඩවියක් හදාගන්න පුලුවන් වෙයි කියන එක මට 100%ක් විශ්වාසයි. ඉතින් ආටිකල් එක ටිකක් දීර්ඝ එකක් වෙයි. ඒත් සම්පූර්ණ “මුල ඉදන් අග දක්වා වෙබ් අඩවියක් හදමු” කියන පාඨමාලාව එක වෙබ් ලිපියක් හැටියට ලියාගන්නයි මට ඕන වෙන්නේ. Learn how to create a wordpress blog or website in sinhala in this full course.
මේ වෙබ් ලිපිය බාගයක් දුරකින් නවත්තන්න හිතාගෙන කියවන්න එපා. ඒත් එක්කම මේක ලියන්න සතියකට වඩා ගිහින් තියෙනවා. පුලුවන් තරම් කෙටියෙන්, තේරෙන විදිහට ඒත් එක්කම සම්පූර්ණයෙන්ම පාහේ හැම තොරතුරක්ම අඩංගු වෙන විදිහටයි මෙය ලියලා තියෙන්නේ. ඒත් මේකේ නැති, ඒත් දැනගන්න කැමති තවත් දෙයක් තියෙනවනම්, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
ඔක්කොටමත් කලින් කියන්නම්, අපි මේ වෙබ් අඩවිය හදන්න යන්නේ Wordpress එකෙන්. ඉතින් මේ ආටිකල් එක මුලුමනින්ම කියවලා ඉවර කරන කෙනෙක්ට Wordpress එක ගැනත් ලොකු දැනුමක් හම්බ වේවී. ඉතින් හැදින්වීම නවත්තලා අපි වැඩේට බහිමු.
වෙබ් අඩවිය හදන්න පටන් ගන්න කලින් අපි මුලින්ම බලමු, වෙබ් අඩවියක් ආශ්‍රිතව පැන නැගෙන ප්‍රශ්න ටිකක් සහ ඒවාට පිළිතුරු.
වෙබ් අඩවියක් හදන්න, මූලිකවම අවශ්‍ය වෙන්නේ මොනවද? (What do you need to create a Website)
ඉතින් වෙබ් අඩවියක් පටන් ගන්න නම් අත්‍යවශ්‍යයෙන්ම අපිට දෙවල් තුනක් ඕන කරනවා.
- Domain එක – මේක ගැන පල්ලෙහා ලොකු විස්තරයක් ඇති.
- Hosting එක – මේක ගැනත් පල්ලෙහා ලොකු විස්තරයක් ඇති.
- කම්මැලිකම නැතුව මේ ආටිකල් එක කියවන්න විනාඩි 45ක්
වෙබ් අඩවියක් හදන්න කෙතරම් මුදලක් වියදම් වෙනවද? (How Much does it Cost to Create a Wordpress Website)
වෙබ් අඩවියක් හදන්න ඕන කියලා කියපු ගමන්, කට්ටියට මුලින්ම එන ප්රශ්නය නම්, “ඕක කරන්න දැන් කීයක් විතර වියදම් වෙනවද” කියන එක. ඒක ඇත්තටම සාධාරණ ප්‍රශ්නයක්. නිශ්චිතවම කියලා කියන්න ගාණක් නැහැ. සාමාන්‍යයෙන් ඔන්ලයින් වෙබ් නිර්මාණකරුවන් අතරේ කතා වෙන්නේ නම් වියදම ඩොලර් 100 ඉදලා ඩොලර් 3,000ක් වෙනකම් යනවා කියන එක. ඩොලර් 100ක් අවමය කියන්නේ ලංකාවේ රුපියල් වලින් රු. 18,500ක්.
ඒත් මම කියලා දෙන්නම් රුපියල් 10,000කට වඩා අඩුවෙන් වියදම් කරලා හොද සහ ගුණාත්මක වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ කියලා. ඒත් එක්කම කොහොමද ඒ වෙබ් අඩවියට Organic Traffic ගෙන්න ගන්නේ කියන එකත්. ඒ ගෙන්න ගන්න Traffic එකට Adsense එක සම්බන්ධ කරලා ,කොහොමද මුදල් උපයන්නේ කියන එකත්. අවසානයේ ඔයාට තේරුම් ගන්න පුලුවන්.
සතයක්වත් වියදම් නැතුව වෙබ් අඩවි නිර්මාණය කරන ක්‍රම කියලා දාහක් වීඩීයෝ තිබුණත්, එය තියරි එකක් විදිහට ඇත්ත උනත්. යතාර්ථය නම්, එය තනිකරම මුසාවක්. ඒ ඇයි ද කියන එකත්, යන්න යන්න තේරෙවි.
මොන Website Builder එකද අපි අද පාවිච්චි කරන්න යන්නේ? (What Website Builder are we going to use)
වෙබ් අඩවියක් නිර්මාණය කරන්න නොයෙකුත් ක්‍රම තියෙනවා. ඒත් අපි, අපේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න භාවිතා කරන්න හදන්නේ Wordpress කියලා කියන Platform එක.
ලෝකයේ දැනට තියෙන වෙබ් අඩවි වලින් 30%කට ආසන්න ගාණක් නිර්මාණය කරලා තියෙන්නේ Wordpress වලින්. මගේ Sinhalaguide.com, Ceyloned.com ඇතුළු ගොඩක් වෙබ් අඩවි නිර්මාණය කරලා තියෙන්නෙත් Wordpress එකෙන්.
( ටිකක් වැඩියෙන් වියදම් කරන්න හැකියාවක් තියෙනව නම් Wealthy Affiliate තමයි, වෙබ් අඩවියක් නිර්මාණය කරන්න ලේසිම ක්‍රමය. මගේ වෙබ් අඩවි මම නිර්මාණය කරන එක ප්‍රගුණ කරගත්තෙත් ඒකෙන්. Wealthy Affiliate එකෙනුත් වෙබ් අඩවිය නිර්මාණය කරන්න භාවිතා කරන්නේ Wordpress කියන Builder එක. ඒක ගැන වැඩි දුර තොරතුරු මෙතනින් ගිහින කියවන්න. )
හරි එහෙනම් අපි පියවරෙන් පියවර බලමු. කොහොමද වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ කියන එක. (How to Build a Wordpress Website in Sinhala)
Thanks Aiye. Mekata.. mama wealthy affiliate eken site 4k denata hadala tiyenne. Eken 3ta adsense awa. Thanks karapu help ekata. Mata anith ekatath adsense ganna oya tamai udaw karanna ona.
You are welcome malli.
Earning ek aulk ndda
Dawasawakata Orgaic Dollar 3k wage enawa. Eka shape denata. Adsense walin
Mata website ekak hadaganna oni.man email ekk damma.poddak balannako
@Sinhala Guide.com">Web@Sinhala Guide.com Mekata mail karanna.
ayye meke hosting price eka$71.40 pay karanna onida issellama
ehema nethnam maseka gaana witharak($5.95) pay karala account eka hada ganna berida
12 months gewanna ona. Telegram karanna.
aiye wealthy affiliate akt maset 19$ da ynne? hem masema aka upgrade karnna venwa ned?
domain aliyen argen wealthy affiliate akt dewt awlk nedd?
aka issrht update karnkot awlk ynne nedd?
Ow, hema masema denna wenawa malli. Yearly ganna. Loku gaanak netnam Bluehost ganna. Eliyen domain aran daganna puluwan.